“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න.
මාක් 11:4 - Sinhala New Revised Version ඔව්හු ගොස්, දොර ළඟ පිටත වීදියෙහි දිගේලි කොට සිටි කොටළු නාම්බෙකු දැක ඌ ලිහුවෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඔවුහු ගොස්, වීදියෙන් පිටත ගෙපිලක් අසල බැඳ සිටි කොටළු වස්සකු දැක, ඌ ලිහත්ම, Sinhala New Revised Version 2018 ඔව්හු ගොස්, දොර ළඟ පිටත වීදියෙහි දිගේලි කොට සිටි කොටළු නාම්බෙකු දැක ඌ ලිහුවෝ ය. Sinhala Revised Old Version ඔව්හු ගොස්, දොර ළඟ පිටත මාවත අසල බැඳ සිටි කොටළු වස්සෙකු දැක ඌ ලිහුවෝය. |
“ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහි ම එහි බැඳ සිටින කොටළු දෙනක හා ඈ සමඟ කොටළු නාම්බෙකු ඔබට සම්බ වනු ඇත. උන් ලිහා මා වෙතට ගෙනෙන්න.
‘ඔබ මෙය කරන්නේ මන්දැ’යි යමෙකු ඇසුවොත්, ‘සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇත; නොපමාව ඌ ආපසු එවනු ඇතැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.
උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවීම ලැබූ කල, තමා යන්නේ කොහේ දැ යි නොදැන, තමාට උරුමයක් පිණිස පසු ව ලැබෙන්නට යන ස්ථානයකට පිටත් ව යන ලෙස කීකරු වී, නික්ම ගියේ ය.