ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 1:38 - Sinhala New Revised Version

උන් වහන්සේ උත්තර දෙමින්, “අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ ඔවුන් අමතමින්, “අපි අවට ගම්වලට යමු. එහිදීත් මට දේශනා කළ හැකියි. මන්ද මා පිටත්ව පැමිණියේ ඒ සඳහා යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ උත්තර දෙමින්, “අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට උන්වහන්සේ: වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු; ඒ සඳහාම පිටත්ව ආවෙමියි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



මාක් 1:38
10 හුවමාරු යොමු  

සම්මුඛ වී, “හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ.


උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.


එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක.


උන් වහන්සේ කතා කොට, “මා වෙනත් නුවරවල ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කළ යුතු ය; මා එවන ලද්දේ ඒ සඳහා ය”යි ඔවුන්ට වදාළ සේක.


මම පියාණන් කෙරෙන් නික්ම ආවෙමි; ලෝකයට පැමිණ සිටිමි. මම නැවත ලෝකය අත්හැර පියාණන් වහන්සේ වෙතට යන්නෙමි”යි වදාළ සේක.


ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි.


මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.


දිවා කාලය තිබෙන තුරු මා එවා වදාළ තැනැන් වහන්සේගේ ක්‍රියා අප විසින් කළ යුතු ය. රාත්‍රි කාලය පැමිණෙයි; එවිට කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි ය.