ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 26:73 - Sinhala New Revised Version

මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන්ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මඳ වේලාවකට පසු එතැන සිටි අය අවුත්, “සැබැවින් ම ඔබත් ඔවුන්ගෙන් එක් කෙනෙක් ය; ඒ බව ඔබගේ කතා ලීලාවෙන් පෙනේ ය”යි පේදුරුට කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 26:73
8 හුවමාරු යොමු  

ඔවුන්ගේ දරුවන්ගේ සංබ්‍යාවෙන් අඩක් අෂ්දොද් භාෂාව හෝ අන් ජාතීන්ගේ භාෂා හෝ කතා කළෝ ය. ජුදාවේ භාෂාව කතා කරන්න ඔව්හු නොදත්හ.


ඔහු යළිත්, “මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැ”යි දිවුරා කී ය.


එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.


එහෙත් ඔහු යළිත්, “නැතැ”යි කීවේ ය. මඳ වේලාවකට පසු නැවතත් ළඟ සිටි අය, “සැබැවින් ම ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙක් ම ය, ඔබත් ගලීලයෙක් ම ය”යි පේදුරුට කී හ.


ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද?


“ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.