“සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නොතකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නොබීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.
විලාප ගී 5:9 - Sinhala New Revised Version පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු. Sinhala New Revised Version 2018 පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු. Sinhala Revised Old Version කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කෑම ලබාගනිමුව. |
“සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නොතකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නොබීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.
එසේ කෙළේ, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කරන ලද අහිකාම්ගේ පුත් ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට බිය වූ නිසා ය.
‘නැත, අපි මිසර දේශයට යන්නෙමු; එහි දී යුද්ධයක් දකින්නට වත්, හොරණෑ ශබ්දය අසන්නට වත්, කෑම නැති ව බඩගින්නේ ඉන්නට වත් සිදු වන්නේ නැත; අපි එහි සිටින්නෙමු’යි කියන්නහු නම්,
නුඹලා බියගන්වන කඩුව මිසර දේශයේ දී නුඹලා පිට පැමිණෙන්නේ ය. නුඹලා බියපත් කරවන සාගතය මිසර දේශයට ම නුඹලා ලුහුබැඳ යන්නේ ය. එහි දී නුඹලා මැරෙන්නහු ය.
සමිඳාණන් වහන්සේගේ දූතයා පැමිණ අබියෙශ්‍රීය ජෝවාෂ්ට අයත් ඔප්‍රාහි තිබෙන ආලෝන අරඹ යට හිඳ ගත්තේ ය. ජෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු සඟවාගන්න පිණිස ඒවා මුද්‍රික යන්ත්‍රයෙහි මඬිමින් සිටියේ ය.