විලාප ගී 3:1 - Sinhala New Revised Version එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය. Sinhala New Revised Version 2018 එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය. Sinhala Revised Old Version උන්වහන්සේගේ කෝපය නැමති දණ්ඩෙන්දුක අත්දුටුවාවූ මනුෂ්‍යයා මමය. |
ඔබ මට බොහෝ කරදර සහ වේදනා පැමිණෙවු නමුත්, මා යළි ප්‍රාණවත් කරන සේක. පාතාලයේ පත්ලෙන් ඔබ මා යළි ගොඩගන්න සේක.
මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ; දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ. එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ; එතුමාණෝ නෙරපනු ලැබූ හ. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.
පුරුෂයෝ ද ස්ත්‍රීහු ද දරුවෝ ද රාජ කුමාරිකාවෝ ද රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් ෂාපාන්ගේ පුත් වූ අහිකාම්ගේ පුත් ගෙදලියා වෙත නවත්වනු ලැබූ සියලු දෙනා ද යන මොවුහු දිවැසිවර ජෙරමියා ද නේරියාගේ පුත් බාරුක් ද රැගෙන,
“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.