ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:48 - Sinhala New Revised Version

අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අබිමෙලෙක් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද ශල්මොන් කන්දට නැඟී ගියෝ ය. අබිමෙලෙක් සිය අතින් පොරොවක් ගෙන, ගසකින් අත්තක් කපා, එය ඔසවා ඔහුගේ කරපිට තබාගෙන, තමා සමඟ සිටි සෙනඟට කතා කොට, “මා කරනවා ඔබ දුටු දේ ම ඔබත් ඉක්මනින් කරන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අබිමෙලෙක්ද ඔහු සමඟ සිටි සියලු මිනිස්සුද ශල්මොන් කන්දට නැගී ගියෝය; අබිමෙලෙක් අතින් පොරවක් ගෙන ගසකින් අත්තක් කපා ඒක උස්සා කර පිට තබාගෙන තමා සමඟ සිටි සෙනඟට කථාකොට: මා කරනවා නුඹලා දුටු දේම නුඹලාත් ඉක්මනින් කරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:48
7 හුවමාරු යොමු  

සව් බලැති දෙවිඳාණෝ සල්මොන් කන්ද පිට රජුන් විසුරුවා හැරිය සේක; එවිට ඔබ එහි හිම වැටෙන්නට සැලැසූ සේක.


බාෂාන් කන්ද අති උස් කන්දකි; එය බොහෝ ශිඛර ඇති කන්දකි.


ෂෙකෙම්හි කොටුවේ මිනිසුන් සියලු දෙනා එක්රැස් ව සිටින බව අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.


එවිට සියලු දෙනා එකිනෙකා අත්තක් බැගින් කපාගෙන, අබිමෙලෙක් පසුපස්සේ ගොස්, ඒවා කොත ළඟ තබා, මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනි ලෑවෝ ය. මෙසේ ෂෙකෙම් කොටුවේ සිටි දහසක් පමණ ස්ත්‍රී-පුරුෂ සියලු දෙනා මියගියහ.


අබිමෙලෙක් කොටුව ළඟට අවුත්, ඊට විරුද්ධ ව සටන් කොට කොටුවේ දොර පුළුස්සා දමන පිණිස එය ළඟට ගියේ ය.