ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:44 - Sinhala New Revised Version

අබිමෙලෙක් ද ඔහු සමඟ වූ කණ්ඩායම ද ඉදිරියට දිව ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියෝ ය. කණ්ඩායම් දෙකක් පිටත සිටි සියල්ලන් වෙත දිව ගොස් ඔවුන්ට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අබිමෙලෙක් ද ඔහු සමඟ වූ කණ්ඩායම ද ඉදිරියට දිව ගොස් නුවරට ඇතුළු වන දොරකඩ සිටියෝ ය. කණ්ඩායම් දෙකක් පිටත සිටි සියල්ලන් වෙත දිව ගොස් ඔවුන්ට පහර දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:44
5 හුවමාරු යොමු  

එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.


කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.


එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”


ඔහු සෙනඟ කැඳවා කණ්ඩායම් තුනකට බෙදා පිටත සැඟවී සිටියේ ය. සෙනඟ නුවරින් පිටතට එන බව ඔහු දුටු විට, ඔහු ඔවුන්ට විරුද්ධ ව නැඟී අවුත් ඔවුන්ට පහර දුන්නේ ය.


අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි ෂෙකෙම් නුවරට විරුද්ධ ව සටන් කොට, එය අල්ලාගෙන, එහි සෙනඟ මරා, නුවර බිඳ හෙළා එහි ලුණු වැපුරුවේ ය.