එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.
විනිශ්චයකාරයෝ 3:30 - Sinhala New Revised Version ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය. Sinhala New Revised Version 2018 ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය. Sinhala Revised Old Version ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. |
එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.
ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත.
ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.
සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.
ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්‍රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ.