ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.
විනිශ්චයකාරයෝ 21:23 - Sinhala New Revised Version බෙන්ජමින්වරු එසේ කර, නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස්, නගර ගොඩනඟා එහි විසුවෝ ය. Sinhala New Revised Version 2018 බෙන්ජමින්වරු එසේ කර, නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස්, නගර ගොඩනඟා එහි විසුවෝ ය. Sinhala Revised Old Version බෙන්යමින් පුත්‍රයෝ එසේ කොට නැටූ තැනැත්තියන්ගෙන් තමුන්ගේ ගණන ලෙස තමුන්ට භාර්යාවන් අසුකරගෙන, තමුන්ගේ උරුමයට හැරීගොස්, නුවරවල් ගොඩනගා එහි විසුවෝය. |
ඉශ්රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත්, නගරයේ මිනිසුන්ට ද සතුන්ට ද තමන්ට සම්බ වූ සියල්ලන්ට ද කඩුවෙන් පහර දුන්නෝ ය. ඔව්හු ඒ ප්‍රදේශයේ සියලු නගර ගිනි ලෑවෝ ය.
එකල ඉශ්රායෙල්වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රය ද පවුල ද කරා ගියෝ ය. එතැනින් ඔව්හු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝ ය.