ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි.
විනිශ්චයකාරයෝ 20:6 - Sinhala New Revised Version එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. Sinhala New Revised Version 2018 එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුර ගෙන, එය කොටස්වලට කපා, ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියෙමි. එසේ කෙළේ, ඔවුන් ඉශ්රායෙල්හි දුෂ්ටකමක් ද නින්දිතකමක් ද කළ බැවිනි. Sinhala Revised Old Version එවිට මම මාගේ උපභාර්යාව අරන් ඈ කොට්ඨාසවලට කපා, ඉශ්‍රායෙල්වරුන්ගේ උරුමයේ සියලු පළාත්වලට හැරියෙමි. මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල්හි දූෂ්‍යකමක්ද නින්දිතකමක්ද කළෝය. |
ජාකොබ්ගේ පුත්‍රයන් තණ පිට්ටනියෙන් පැමිණි පසු ඔව්හු මෙය අසා, කම්පා වී කෝපාවිෂ්ට වූ හ. මන්ද, ෂෙකෙම්, ජාකොබ්ගේ දුව දූෂණය කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර නොකටයුතු සැහැසිකමක් කළ හෙයිනි.
“මෙවැනි ක්‍රියා කිසිවකින් නුඹ කෙලෙසා නොගන්න. මෙවැනි දේ කිරීමෙන් විජාතීහු තමන් කෙලෙසාගත්හ. නුඹලා යන්නට කලින් මම ඔවුන් ඒ රටින් පන්නාදමමි.
“එබැවින් නුඹලා මාගේ නියෝගයන් පිළිපැදිය යුතු ය. නුඹලාට කලින් කරන ලද මෙකී පිළිකුල් සිරිත්වලින් කිසිවක් නුඹලා නොකළ යුතු ය. එවිට ඒවායින් නුඹලා කෙලෙසා නොගන්නහු ය. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
කැප කරන ලද දෙය ගත් තැනැත්තා මෙසේ අසු වූ කල්හි ඔහු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම කඩ කළ නිසාත්, ඉශ්රායෙල්හි දුෂ්ටකමක් කළ නිසාත් ඔහු හා ඔහු සන්තක සියල්ල ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය’යි ඔවුන්ට කියන්න.”
ඔවුන් සතුටින් කල් යවන අතර, ඒ නගරයේ දුර්ජනයන් ව සිටි සමහර මිනිස්සු ඒ ගෙදර වට කර සිට, දොරට ගසමින්, ගෘහ මූලිකයා වන මහලු මිනිසාට කතා කොට, “ඔබේ ගෙදරට පැමිණ සිටින මිනිසා සමඟ කම් සැප විඳින්නට ඔහු පිටතට ගෙනෙන්නැ”යි කීවෝ ය.
එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න.
ඔහු තමාගේ නිවෙසට පැමිණි කල පිහියක් ගෙන, තමාගේ උපභාර්යාවගේ සිරුර ඇට සමඟ කොටස් දොළොසකට කපා, ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත්වලට යැව්වේ ය.
සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් මිනිසුන් සියයකින් දසදෙනෙකු ද දහසකින් සියයක් ද දසදහසකින් දහසක් ද බැගින් තෝරා ගනිමු. ඔව්හු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඉශ්රායෙල්හි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝ ය”යි කී හ.