විනිශ්චයකාරයෝ 20:44 - Sinhala New Revised Version මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. Sinhala New Revised Version 2018 මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු දහඅටදහසක් මැරුම්කෑහ. ඔව්හු සියල්ලෝ බලසම්පන්න මනුෂ්‍යයෝ වූ හ. Sinhala Revised Old Version මෙසේ බෙන්යමින්වරුන්ගෙන් මනුෂ්‍යයන් දහඅට දාහක් වැටුණෝය; ඔවුන් සියල්ලෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෝය. |
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කරවූ සේක. ඉශ්රායෙල් සෙනඟ ඒ දවසේ දී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් විසිපන්දහස් එකසියයක් විනාශ කළෝ ය. මේ සියලු දෙනා කඩු හරඹයෙහි දක්ෂ අය වූ හ.
ඔව්හු බෙන්ජමින්වරුන් හැම අතින් ම වට කරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහුබැඳ ගොස්, ඔවුන් නතරවුණ තැනේ දී ඔවුන් පාගා දැමුවෝ ය.
සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝ ය. ඔවුන්ගෙන් පන්දහසක් මාවත්වල දී මරනු ලැබූ හ. ඉශ්රායෙල්වරු සෙසු අය ගිදොම් දක්වා ලුහුබැඳ ගොස් ඔවුන්ගෙන් දෙදහසක්දෙනා මැරුවෝ ය.