එහෙත්, ඒ තැනැත්තාට අත නොතබා, ඔහුට ගල් ගසනු ලැබිය යුතුයි. නැත්නම් ඔහු ඊගසින් විදදැමිය යුතුයි. මෘගයකු වුවත්, මනුෂ්‍යයෙකු වුවත් ජීවත් නොවිය යුතු ය. හොරණෑව දීර්ඝ ස්වරයක් නංවන විට ඔවුන් කන්ද වෙත පැමිණිය යුතු ය”යි වදාළ සේක.
විනිශ්චයකාරයෝ 20:37 - Sinhala New Revised Version සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. Sinhala New Revised Version 2018 සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. Sinhala Revised Old Version සැඟවී සිටි මිනිස්සුද ඉක්මන්කොට ගිබියාට විරුද්ධව වේගයෙන් පැතිර ගොස් මුළු නුවරට කඩුමුවහතින් පහර දුන්නෝය. |
එහෙත්, ඒ තැනැත්තාට අත නොතබා, ඔහුට ගල් ගසනු ලැබිය යුතුයි. නැත්නම් ඔහු ඊගසින් විදදැමිය යුතුයි. මෘගයකු වුවත්, මනුෂ්‍යයෙකු වුවත් ජීවත් නොවිය යුතු ය. හොරණෑව දීර්ඝ ස්වරයක් නංවන විට ඔවුන් කන්ද වෙත පැමිණිය යුතු ය”යි වදාළ සේක.
තවද, ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත්වන විට, ඒ හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණු කල, සකල ජනයා මහත් ඔල්වර හඬක් නඟත් වා! එවිට නුවර පවුර ඇද වැටෙන්නේ ය. සෙනඟ ද එකිනෙකා කෙළින් ම නුවර ඉදිරියට යන්නෝ යැ”යි වදාළ සේක.
එසේ නගරයට උතුරෙන් සිටි මහ හමුදාව ද නගරයට බස්නාහිරෙන් රහසේ සඟවා සිටි අය ද යන සෙනඟ, මෙසේ නතර කළ පසු ජෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවතට ගියේ ය.
ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය.
එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය.