එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය.
විනිශ්චයකාරයෝ 20:22 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරු ධෛර්ය වඩා, තමන් පළමු වන දවසෙහි පිළිවෙළින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝ ය. Sinhala Revised Old Version සෙනඟ එනම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ ධෛර්ය වඩා තමුන් පළමුවෙනි දවසේදී පිළිවෙළින් සිටි ස්ථානයෙහි නැවත යුද්ධයට පිළිවෙළින් සිටියෝය. |
එවිට දාවිත් පණිවුඩකාරයාට කතා කොට, “ඔබ ජෝවාබ්ට මෙසේ කියන්න: ‘මේ කාරණය ගැන කණගාටු නොවන්න. මන්ද, කඩුව කවරෙකු නසන්නේ දැ යි කාට කිව හැකි ද? නගරයට තවත් දරුණු ලෙස පහර දී එය බිඳ හෙළන්න’ කියා ඔහුට ධෛර්ය දෙන්නැ”යි කී ය.
දුෂ්ට අරමුණු සඳහා ඔව්හු එකිනෙකාට අනුබල දෙන්නෝ ය; ඔවුන්ගේ උගුල කොතැන සඟවා අටවන්න දැ යි සාකච්ඡා කරන්නෝ ය. “අප දකින කෙනෙක් නැතැ”යි ඔව්හු සිතන්නෝ ය.
ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් සත්සියයක් හැර, නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින්වරු විසිහයදහසක් ඒ දවසේ දී ගණන් කරනු ලැබූ හ.
බෙන්ජමින්වරුන් හැර, කඩු රැගත් ඉශ්රායෙල්වරු සාරලක්ෂයක් ගණන් කරනු ලැබූ හ. ඔව්හු පලපුරුදු යුද්ධ භටයෝ ය.
එවිට බෙන්ජමින්වරු ගිබියාවෙන් පිටත් ව අවුත්, ඒ දවසේ ඉශ්රායෙල්වරුන්ගේ මිනිසුන් විසිදෙදහසක් විනාශ කර, බිම හෙළා දැමුවෝ ය.
තවද, ඉශ්රායෙල්වරු ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා, “අපේ සහෝදරයන් වන බෙන්ජමින්වරුන්ට විරුද්ධ ව අප නැවත සටනට යා යුතු දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ. “ඔවුන්ට විරුද්ධ ව යන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
දාවිත් දැන් තද අමාරුවකට පත් විය. මන්ද, සෙනඟ සියලු දෙනාගේ සිත් තම තමන්ගේ දරුදැරියන් ගැන ශෝක වූ බැවින් ඔව්හු දාවිත්ට ගල් ගසන්නට තර්ජනය කළහ. එහෙත්, දාවිත් සිය දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි තම ශක්තිය උපදවාගත්තේ ය.