මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය.
විනිශ්චයකාරයෝ 2:9 - Sinhala New Revised Version ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය. Sinhala Revised Old Version ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගයෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත්කළෝය. |
මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදා දී නිම කොට ඉශ්රායෙල් ජනයා නූන්ගේ පුත් ජෝෂුවාට තමන් අතරෙහි උරුමයක් දුන්නෝ ය.
ඔහු ඉල්ලූ නුවර වන එප්‍රායිම් කඳු රටෙහි තිබෙන තිම්නාත්-සෙරා ඔව්හු සමිඳාණන් වහන්සේගේ ආඥාව ප්‍රකාර ඔහුට දුන්නෝ ය. ඔහු ඒ නුවර ගොඩනඟා එහි වාසය කෙළේ ය.
මේ සිද්ධීන්ගෙන් පසු සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය.
ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-සෙරා නම් වූ ඔහුගේ උරුම පළාතෙහි ඔහු තැන්පත් කළහ.
ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.