තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
විනිශ්චයකාරයෝ 19:8 - Sinhala New Revised Version පස් වන දා අලුයම ඔහු යන්නට සැරසුණ විට, තරුණියගේ පියා ඔහුට කතා කොට, “අනේ ඔබේ සිත සනසාගන්න, සවස් වන තෙක් නවතින්නැ”යි කීවේ ය. එබැවින් ඔව්හු දෙදෙන කෑම කෑහ. Sinhala New Revised Version 2018 පස් වන දා අලුයම ඔහු යන්නට සැරසුණ විට, තරුණියගේ පියා ඔහුට කතා කොට, “අනේ ඔබේ සිත සනසාගන්න, සවස් වන තෙක් නවතින්නැ”යි කීවේ ය. එබැවින් ඔව්හු දෙදෙන කෑම කෑහ. Sinhala Revised Old Version පස්වෙනිදා අලුයම ඔහු යන්ට නැගුටුණ විට යෞවනියගේ පියා ඔහුට කථාකොට: අනේ නුඹේ සිත සනසා ගන්න, සවස්වන තෙක් සිටින්නැයි කීවේය. ඔවුන් දෙදෙනද කෑම කෑවෝය. |
තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.
සතර වන දින අලුයම ඔහු නැඟිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට, “කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනැ”යි තම බෑණාට කීවේ ය.
ඒ මිනිසා ද ඔහුගේ උපභාර්යාව ද වැඩකාරයා ද යන්නට සැරසුණ විට ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහුට කතා කොට, “දැන් සවස් වේගෙන එයි. අනේ, රාත්‍රියේ නැවතී සිටින්න. ඉර බැස යන්නට ළඟ ය. රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සතුටු කරගෙන හෙට ඔබේ ගමනට වේලාසනින් නැඟිට ගෙදර යන්නට පිටත් වන්නැ”යි කීවේ ය.