මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ.
විනිශ්චයකාරයෝ 19:28 - Sinhala New Revised Version ඔහු ඈට කතා කොට, “නැඟිටින්න, අපි යමු”යි කී ය. එහෙත්, උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන, සිය නිවෙස බලා ගියේ ය. Sinhala New Revised Version 2018 ඔහු ඈට කතා කොට, “නැඟිටින්න, අපි යමු”යි කී ය. එහෙත්, උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන, සිය නිවෙස බලා ගියේ ය. Sinhala Revised Old Version ඔහු ඈට කථාකොට: නැගිටින්න, අපි යමුයයි කීය; නුමුත් උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඈ ඔසවා කොටළුවා පිට තබාගෙන තමාගේ ස්ථානයට ගියේය. |
මද්දහන පසු වී සවස යාගය ඔප්පු කරන වේලාව දක්වා ඔව්හු ඔල්මාදයෙන් දොඩවමින් බෙරිහන් දුන්හ. එහෙත්, කිසි හඬක් වත් උත්තර දුන් කිසිවෙක් වත්, සැලකූ කෙනෙක් වත් නො වූ හ.
ඇගේ ස්වාමියා අලුයම නැඟිට ගෙයි දොරවල් ඇර තමාගේ ගමන යන්නට එළියට ගියේ ය. එවිට ඔහුගේ උපභාර්යාව වන ස්ත්‍රිය ගෙයි දොරකඩ වැටී සිටියා ය. ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේ ය.
එවිට ගිබියා වැසියෝ මට විරුද්ධ ව පැමිණ, මා සිටි නිවෙස රාත්‍රියේ වටලාගත්තෝ ය. ඔව්හු මා මරන්නට සිතුවෝ ය. එහෙත්, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලහත්කාරකම් කළෝ ය.