විනිශ්චයකාරයෝ 18:27 - Sinhala New Revised Version ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු මීකා සාදා තිබුණු දේ රැගෙන, ඔහු සමඟ සිටි පූජකයා කැටුව ගොස්, සාමකාමී ව ද සුරක්ෂිත ව ද සිටි ලායිෂ්හි සෙනඟ වෙත පැමිණ, කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝ ය. Sinhala Revised Old Version ඔව්හු මීකා සාදාගන තිබුණු දේද ඔහු වෙත සිටිය පූජකයාද රැගෙන ගොස් නිශ්චලකමින්ද අප්‍රවේසමෙන්ද සිටි ලායිෂ්හි සෙනඟ කරා පැමිණ, කඩුමුවහතින් ඔවුන්ට පහරදී, නුවර ගිනිලෑවෝය. |
ඉශ්රායෙල්වරු එහි විසූ සියලු දෙනාට කඩුවෙන් පහර දී ඔවුන් මුළුමනින් ම විනාශ කරදැමුවෝ ය. පණ ඇති කිසිවෙක් එහි ඉතිරි නොවූ හ. ජෝෂුවා හාශොර් නගරය ගින්නෙන් පුළුස්සාදැමුවේ ය.
දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය.
ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.
එවිට ඒ පස්දෙනා පිටත් ව ගොස්, ලායිෂ්ට පැමිණ, එහි සිටින සෙනඟ ආරක්ෂා සහිත ව, සීදොන් වැසියන් හා සමාන ව සාමකාමී ව ද නිශ්චල ව ද වාසය කරන බව දුටුවෝ ය. ඔවුන්ට කිසි අගහිඟයක් තිබුණේ නැත. ඔව්හු සීදොන්වරුන්ගෙන් ඈත් ව වාසය කළහ. අරමීයයන් සමඟ ඔවුන්ට කිසි ගනුදෙනුවක් නො වී ය.
ගිඩියොන් නොබාට ද ජොග්බෙහාට ද පෙරදිගින්, කූඩාරම්වල වාසය කරන්නන්ගේ පාරෙන් ගොස්, සේනාව පරීක්ෂාකාරී ව නොසිටිය දී ඔවුන්ට පහර දුන්නේ ය.