විනිශ්චයකාරයෝ 16:5 - Sinhala New Revised Version පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය. Sinhala New Revised Version 2018 පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය. Sinhala Revised Old Version පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: නුඹ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය. |
වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.
“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
“ඒ ප්‍රදේශයේ ගාසාවේ ද අෂ්දොද්හි ද අෂ්කෙලොන්හි ද ගාත්හි ද එක්‍රොන්හි ද පිලිස්තිවරුන්ගේ අධිපතීහු පස්දෙනා විසූ හ. තවද, අවිම් පළාත ද එයට අයිති ය.
සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.
දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන ද කියාත්, ඔබ දමනය කරන පිණිස ඔබ බඳින්නට පුළුවන් කුමකින් ද කියාත් මට කරුණාකර කියන්නැ”යි කීවා ය.
ඔහු සිය මවට කතා කොට, “ඔබේ රිදී කාසි එක්දහස් එකසියය සොරකම් කරනු ලැබූ විට, ඔබ සොරා පිට සාපයක් තැබුවෙහි ය. ඔබ සාප කරනවා මට ඇසිණි. බලන්න, ඒ කාසි මා ළඟ ඇත. ඒවා ගත්තේ මම ය”යි කීවේ ය. ඔහුගේ මව, “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා”යි කීවා ය.
ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.
එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත.