ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.
විනිශ්චයකාරයෝ 15:17 - Sinhala New Revised Version ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය. Sinhala New Revised Version 2018 ඔහු මෙසේ කී පසු තමාගේ අතෙන් හකු ඇටේ වීසි කොට, ‘හකු ඇට හෙළ’ යන අර්ථය ඇති රාමත්-ලෙහි යන නම එතැනට තැබී ය. Sinhala Revised Old Version ඔහු කථාකර තීන්දුවූ විට තමාගේ අතෙන් හකු ඇටය වීසිකොට, එතැනට රාමත්-ලෙහිය යන නම තැබුවේය. |
ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.
එවිට සම්සොන් මෙසේ කී ය: “කොටළු හකු ඇටයකින්, කොටළුවන් මෙන් ඔවුන් මැරීමි; කොටළු හකු ඇටයකින්, මිනිසුන් දහසක් මැරීමි.”
එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය.