විනිශ්චයකාරයෝ 15:12 - Sinhala New Revised Version ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය. Sinhala New Revised Version 2018 ඔව්හු ද, “ඔබ බැඳ පිලිස්තිවරුන්ට පාවා දෙන පිණිස අපි ආවෙමු”යි ඔහුට කී හ. සම්සොන් පිළිතුරු දෙමින්, “ඔබ ම මා නොමරන හැටියට දිවුරුම් දෙන්නැ”යි ඔවුන්ට කීවේ ය. Sinhala Revised Old Version ඔව්හුද: නුඹ බැඳ පිලිස්තිවරුන් අතට පාවාදෙන පිණිස අපි ආවෙමුයයි ඔහුට කීවෝය. සම්සොන්ද: නුඹලාම මට පහර නොදෙන හැටියට දිවුරුම් දෙන්නැයි ඔවුන්ට කීවේය. |
එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.
දෙවියන් වහන්සේ ඔහු අතින් ඔහුගේ නෑදෑ පිරිසට විමුක්තිය සලසා දෙන බව ඔවුන් තේරුම්ගෙන ඇතැ යි ඔහු සිතී ය. එහෙත් ඔව්හු එය තේරුම් නොගත්හ.
එවිට ජුදා සෙනඟගෙන් තුන්දහසක් ඒතාම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද් ද? එසේ නම්, ඔබ අපට කර තිබෙන මේ දේ කුමක් දැ”යි ඇසුවෝ ය. “ඔවුන් මට කළ ලෙස ම මමත් ඔවුන්ට කෙළෙමි”යි ඔහු ඔවුන්ට කී ය.
ඔව්හු ද, “ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබැවින් අපි ඔබ නොමරන්නෙමු”යි ඔහුට කියා, අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝ ය.
එවිට ශෙබා ද ශල්මුන්නා ද කතා කොට, “ඔබ ම නැඟිට අප මරන්න. මන්ද, ලොකු මිනිසෙකු කළ යුතු දේ ලොකු මිනිසෙකු ම කළ යුතු ය”යි කීවෝ ය. ගිඩියොන් නැඟිට ශෙබා ද ශල්මුන්නා ද මරා, ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණ අඩ සඳාකාර ආභරණ ගත්තේ ය.