එවිට ජුදා සෙනඟගෙන් තුන්දහසක් ඒතාම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද් ද? එසේ නම්, ඔබ අපට කර තිබෙන මේ දේ කුමක් දැ”යි ඇසුවෝ ය. “ඔවුන් මට කළ ලෙස ම මමත් ඔවුන්ට කෙළෙමි”යි ඔහු ඔවුන්ට කී ය.
විනිශ්චයකාරයෝ 15:10 - Sinhala New Revised Version ජුදා වැසියෝ, “කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය. Sinhala New Revised Version 2018 ජුදා වැසියෝ, “කුමක් නිසා ඔබ අපට විරුද්ධ ව ආවහු දැ”යි ඇසුවෝ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අප ආවේ, සම්සොන් අත්අඩංගුවට ගෙන ඔහු අපට කළ හැටියට ඔහුටත් කරනු පිණිස යැ”යි කීවෝ ය. Sinhala Revised Old Version යූදා මනුෂ්‍යයෝ: කුමක් හෙයින් නුඹලා අපට විරුද්ධව ආවහුදැයි ඇසුවෝය. ඔව්හුද: සම්සොන් බැඳ ඔහු අපට කළ හැටියට ඔහුට කරන පිණිස ආවෙමුයයි කීවෝය. |
එවිට ජුදා සෙනඟගෙන් තුන්දහසක් ඒතාම් පර්වතයේ ගුහාව ළඟට ගොස් සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අප කෙරෙහි ආණ්ඩු කරන බව ඔබ දන්නේ නැද් ද? එසේ නම්, ඔබ අපට කර තිබෙන මේ දේ කුමක් දැ”යි ඇසුවෝ ය. “ඔවුන් මට කළ ලෙස ම මමත් ඔවුන්ට කෙළෙමි”යි ඔහු ඔවුන්ට කී ය.
සම්සොන් ඔවුන්ට ගිය ගිය අතේ පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. ඉන්පසු ඔහු ගොස් ඒතාම් පර්වතයේ ගුහාවේ නැවතී සිටියේ ය.
එවිට දාවිත්, “කෙයිලාහි ජනයා මා සහ මාගේ සෙනඟ සාවුල් අතට පාවා දෙනවා ඇද් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ ය, ඔවුන් පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.