ඉන්පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. මාගේ භාර්යාව සමඟ එක් වනු පිණිස ඇය මට දෙන්නැ”යි ඉල්ලී ය.
විනිශ්චයකාරයෝ 15:1 - Sinhala New Revised Version ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේ දී සම්සොන් එළු පැටවෙකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේ ය. “මාගේ බිරිඳ වෙත ඇතුළු ගෙට මම යමි”යි ඔහු ඇගේ පියාට කීවේ ය. එහෙත්, ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී, Sinhala New Revised Version 2018 ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේ දී සම්සොන් එළු පැටවෙකු රැගෙන තමාගේ බිරිඳ බලන්නට ගියේ ය. “මාගේ බිරිඳ වෙත ඇතුළු ගෙට මම යමි”යි ඔහු ඇගේ පියාට කීවේ ය. එහෙත්, ඇගේ පියා ඔහුට යන්නට ඉඩ නොදී, Sinhala Revised Old Version ස්වල්ප දවසකට පසු තිරිඟු කපන කාලයේදී සම්සොන් එළු පැටවකු රැගෙන තමාගේ භාර්යාව බලන්ට ගොස්: මාගේ භාර්යාව වෙතට ඇතුල් ගෙට යමියි කීය. එහෙත් ඇගේ පියා ඔහුට යන්ට නොදී: |
ඉන්පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ සේවා කාලය දැන් සම්පූර්ණ වී ඇත. මාගේ භාර්යාව සමඟ එක් වනු පිණිස ඇය මට දෙන්නැ”යි ඉල්ලී ය.
“පට්ටියෙන් එළු පැටියෙකු එවන්නෙමි”යි ඔහු කී විට, “හොඳයි, ඔබ එය එවනතුරු මට අත්තිකාරමක් දෙන්නෙහි දැ”යි විචාළා ය.
ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.
ඔහු උත්තර දෙමින්, ‘මෙපමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය.