විනිශ්චයකාරයෝ 11:38 - Sinhala New Revised Version ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. Sinhala New Revised Version 2018 ඔහු ද ඈට, “යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. Sinhala Revised Old Version ඔහුද: යන්නැයි කියා ඈ දෙමසකට ඇරියේය. ඈ ඇගේ යෙහෙළීන් සමඟ ගොස් ඇගේ කන්‍යාකම ගැන කඳුවල වැලපුණාය. |
තවදුරටත් ඈ පියාට කතා කොට, “මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය.
දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි.