ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
විනිශ්චයකාරයෝ 10:12 - Sinhala New Revised Version සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි. Sinhala New Revised Version 2018 සීදොන්වරුන් සහ අමලෙක්වරුන් ද මායොන්වරුන් ද නුඹලාට පීඩා කළ විට, නුඹලා මට මොරගැසූ කල්හි ඔවුන්ගේ අතිනුත් මම නුඹලා ගැළෙවුවෙමි. Sinhala Revised Old Version ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද නුඹලාට පීඩා කළෝය; නුඹලා මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් නුඹලා ගැළෙවුවෙමි. |
ඔව්හු හැරී ඇවිත් කාදෙෂ් හෙවත් ‘විමංසන-උල්පත’ යන අර්ථය ඇති ඒන්-මිෂ්පාට් දක්වා පැමිණ, අමලෙක්වරුන්ගේ මුළු දේශය ද, හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන් ද පරාජය කළහ.
නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය.
ඔහු අම්මොන් සහ අමලෙක් සෙනඟ රැස් කරවාගෙන ගොස් ඉශ්රායෙල්වරුන්ට පහර දී, ඉඳි ගස් නුවර ද හිමි කරගත්තේ ය.
ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.