විනිශ්චයකාරයෝ 1:35 - Sinhala New Revised Version අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය. Sinhala New Revised Version 2018 අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය. Sinhala Revised Old Version අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය. |
දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.
සමිඳාණන් වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් සෙනඟට පාවා දුන් ඒ දවසේ දී ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේ ය: “එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල් වී සිටින්න; එම්බා චන්ද්‍රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේ ම සිටින්න.”
සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය.