දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය.
විනිශ්චයකාරයෝ 1:34 - Sinhala New Revised Version අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය. Sinhala New Revised Version 2018 අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය. Sinhala Revised Old Version අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝය. |
දාන් පරපුරේ පළාත ඔවුන්ට අහිමි වූ නිසා, ඔව්හු ගොස් ලෙෂෙම්ට විරුද්ධ ව යුද්ධ කොට ඒවා අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී එය හිමි කරගෙන, එහි වාසය කොට, ඔවුන්ගේ පිය වූ දාන්ගේ නම ප්‍රකාර ලෙෂෙම්ට දාන් යන නම තැබුවෝ ය.
නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය.
අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය.
ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය.