“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.
ලෙවී කථාව 25:6 - Sinhala New Revised Version වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද Sinhala New Revised Version 2018 වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද Sinhala Revised Old Version දේශයේ සබත් නුඹලාට එනම් නුඹටත් නුඹේ මෙහෙකරුවාටත් නුඹේ මෙහෙකාරීටත් නුඹේ කුලීකාරයාටත් නුඹ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය; |
“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.
එහෙත් සත් වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතු ය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයන්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතු ය.
හත් වන අවුරුද්දේ දී වපුරන්නේ වත්, පලදාව එකතු කරන්නේ වත් නැති බැවින් එම අවුරුද්දේ දී අපි කුමක් කන්නෙමු ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.
හය වන අවුරුද්දේ දී තුන් අවුරුද්දක ආශීර්වාදය ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා වෙත පැමිණීමට මම අණ කරමි.
ඉබේ ම වැඩෙන අස්වැන්න ද නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වැල්වල පල රැස් නොකළ යුතු ය. එය දේශයට ද දෙන අවුරුද්දක නිවාඩුවකි.
නුඹේ ගවයන්ට ද ඉඩම්වල සිටින මෘගයන්ට ද ආහාර ලැබෙනු ඇත. වගා නොකළ කෙත් වතුවලින් ඇති වන සියල්ල නුඹලාට කෑ හැකි ය.”
එකල ඇදහිලිවතුන් සමූහයා එක්සත් ව, එක්සිත් ව සිටිය හ; තමන් සතු දෙයින් කිසිවක් තමාගේ ම යයි කිසිවෙක් නොකී හ; සියල්ල පොදුවේ තබාගත්හ.