එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.
ලෙවී කථාව 25:33 - Sinhala New Revised Version ලෙවී කෙනෙකු විසින් විකුණන ලද පවුරුවලින් වට වූ නගරයක ඇති නිවාසයක් මුදල් ගෙවා ආපසු නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී එය ආපසු ඔහුට දිය යුතු ය. මන්ද, නගරවල පිහිටි ලෙවීවරුන්ගේ නිවාස, ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට සදහට ම අයිති වේ. Sinhala New Revised Version 2018 ලෙවී කෙනෙකු විසින් විකුණන ලද පවුරුවලින් වට වූ නගරයක ඇති නිවාසයක් මුදල් ගෙවා ආපසු නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී එය ආපසු ඔහුට දිය යුතු ය. මන්ද, නගරවල පිහිටි ලෙවීවරුන්ගේ නිවාස, ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට සදහට ම අයිති වේ. Sinhala Revised Old Version ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය. |
එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක.
එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.”