මන්ද, ගෙවල් ද කෙත් ද මිදි වතු ද නැවත මේ දේශයෙහි මිලේට ගනු ඇතැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේකැ’යි කීවෙමි.
ලෙවී කථාව 25:28 - Sinhala New Revised Version එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය. Sinhala Revised Old Version එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය. |
මන්ද, ගෙවල් ද කෙත් ද මිදි වතු ද නැවත මේ දේශයෙහි මිලේට ගනු ඇතැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ පවසන සේකැ’යි කීවෙමි.
මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.
“යමෙකු පවුරකින් වට කළ නගරයක වූ නිවාසයක් වික්කොත්, විකුණූ දින සිට සම්පූර්ණ පළමු අවුරුද්ද තුළ දී ආපසු මුදල් ගෙවා එය ගත හැකි ය.
එහෙත්, සම්පූර්ණ අවුරුද්ද ඇතුළත දී ඔහු මුදල් ගෙවා ආපසු නොගතහොත්, එය මිල ගෙවා ගත් තැනැත්තාටත්, ඔහුගේ පරපුරටත් සදහට ම අයිති වේ. ජුබිලි වර්ෂයේ දී ද අයිතිය ආපසු මාරු නොවනු ඇත.
එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත.