ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 21:21 - Sinhala New Revised Version

පූජක ආරොන්ගේ පෙළපතින් පැවතෙන, කැළලක් ඇති කිසිවෙකු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පඬුරු ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. ඔහු තමාගේ දෙවියන් වහන්සේට භෝජනය ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. මන්ද, එවැන්නෙකුට කැළලක් ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පූජක ආරොන්ගේ පෙළපතින් පැවතෙන, කැළලක් ඇති කිසිවෙකු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පඬුරු ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. ඔහු තමාගේ දෙවියන් වහන්සේට භෝජනය ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. මන්ද, එවැන්නෙකුට කැළලක් ඇති බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජකවූ ආරොන්ගේ වංශයෙහි ශරීරයේ කැලලක් ඇති කිසි මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ දවන පූජා ඔප්පුකරන්ට ළංනොවිය යුතුය; ඔහුට පලුදුවක් ඇති බැවින් තමාගේ දෙවියන්වහන්සේගේ භෝජනය ඔප්පුකරන පිණිස ළංනොවිය යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 21:21
4 හුවමාරු යොමු  

ධාන්‍ය පූජාවේ ඉතිරි කොටස ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ. එය සමිඳාණන් වහන්සේට පිදූ දවන පූජාවලින් අතිශුද්ධ කොටස වනු ඇත.


ආරොන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “පූජක පරපුරෙන් පැවතෙන කිසිවෙකුට ශාරීරික කැළලක් තිබේ නම්, එවැන්නෙකු දෙවියන් වහන්සේට රොටි පූජා කිරීමට ළඟා නොවිය යුතු ය.


ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.


පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.