ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 11:46 - Sinhala New Revised Version

“මෘගයන් හා පක්ෂීන් ද ජලයේ හැසිරෙන සියලු ජලජ සතුන් හා බිම බඩගා යන සියලු සතුන් ද පිළිබඳ ව වලංගු නීතිය මෙය වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මෘගයන් හා පක්ෂීන් ද ජලයේ හැසිරෙන සියලු ජලජ සතුන් හා බිම බඩගා යන සියලු සතුන් ද පිළිබඳ ව වලංගු නීතිය මෙය වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපවිත්‍රයන්ද පවිත්‍රයන්ද අතරෙත් කෑමට සුදුසු සතුන්ද කෑමට නුසුදුසු සතුන්ද අතරෙත් වෙනස දැක්වීමට,

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 11:46
8 හුවමාරු යොමු  

ඉන්පසු දෙවියන් වහන්සේ, “ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, “පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.


මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක.


දේව මාලිගාව පිළිබඳ නියමාවලිය මෙසේ ය. කන්ද මුදුනෙහි වටකර ම එහි මුළු සීමාව ඉතා ශුද්ධ ය. දේව මාලිගාවේ නියමාවලිය එය වේ.”


නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිස, නුඹලා පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද ශුද්ධ විය යුතු ය.


මෙහි අදහස නම්, අපවිත්‍ර දේ හා පවිත්‍ර දේ පිළිබඳ ව ද කෑමට සුදුසු හා නුසුදුසු මෘගයන් පිළිබඳ ව ද නුඹලා වෙනසක් කළ යුතු බව ය.


“ඉහත දැක්වූයේ බෝවෙන චර්ම රෝග හා දද පිළිබඳ ව ද


“මේ දක්වන ලදුයේ, යමෙකුට මෝචනය ඇති වන කල ද පුරුෂ ධාතු මෝචනය වීමෙන් කෙලෙසෙන විට ද


දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.