ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 4:9 - Sinhala New Revised Version

එවිට එතැන සිටි ප්‍රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට එතැන සිටි ප්‍රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය.

පරිච්ඡේදය බලන්න



රූත් 4:9
6 හුවමාරු යොමු  

“ස්වාමීනි, එසේ නො වේ වා! මට සවන් දෙන්න, ඉඩම ද එහි ඇති ගුහාව ද මම ඔබට දෙමි. මාගේ ජනයා ඉදිරිපිට මම එය ඔබට දෙමි. ඔබේ මියගිය බිරිඳ එහි වළලනු මැනවැ”යි කී ය.


ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්‍රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ.


තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”


එහෙයින් ඒ ඇවැස්ස නෑයා, “ඔබ ම මිලයට ගන්නැ”යි බෝවස්ට කියා, තම පාවහන ගලවා බෝවස්ට දුන්නේ ය.