ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 1:7 - Sinhala New Revised Version

ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඈද ඈ සමග ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යූදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



රූත් 1:7
6 හුවමාරු යොමු  

සත් අවුරුද්ද කෙළවර දී ඒ ස්ත්‍රී පිලිස්තිවරුන්ගේ දේශයෙන් හැරී ආවා ය. තවද, ඈ ඇගේ ගෙය සහ ඉඩම ගැන රජුට පැමිණිල්ලක් කිරීමට පිටත් ව ආවා ය.


ඉන්පසු මෝසෙස් තම මාමණ්ඩිට යන්නට හැරියේ ය. ඔහු ද සිය රට බලා ගියේ ය.


“අනේ, එසේ කළ නොහැකි ය. ඔබ සමඟ ඔබේ සෙනඟ වෙත අපි එන්නෙමු”යි කී හ.


ඔව්හු නැවතත් හඬා වැලපෙන්නට පටන්ගත්හ. ඔර්පා තම නැන්දම්මා සිඹ සමුගෙන තමාගේ නෑදෑයින් වෙත ගියා ය. එහෙත්, රූත් තම නැන්දම්මාට ඇළුම්කමින් බැඳී සිටියා ය.


ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය.


නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!