ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 9:13 - Sinhala New Revised Version

මේ මුද්‍රික පාන හම් භාජන අප පුරවාගත් විට ඒවා අලුත් ව තිබිණි; දැන් ඒවා පැළී තිබේ. මේ අපේ වස්ත්‍ර ද පාවහන් ද ගමන ඉතා දීර්ඝ නිසා පරණ වී තිබේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ මුද්‍රික පාන හම් භාජන අප පුරවාගත් විට ඒවා අලුත් ව තිබිණි; දැන් ඒවා පැළී තිබේ. මේ අපේ වස්ත්‍ර ද පාවහන් ද ගමන ඉතා දීර්ඝ නිසා පරණ වී තිබේ.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අප විසින් පිරෙවු මේ මුද්‍රිකපාන සම්භාජන අලුත්ව තිබුණේය; දැන් මේවා ඉරී තිබේ. මේ අපේ වස්ත්‍රද වහන්ද ගමන ඉතා දුර නිසා පරණ වී තිබෙනවායයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 9:13
8 හුවමාරු යොමු  

නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”


අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”


කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි.


සමිඳාණන් වහන්සේ ඔබට පාළුකරයේ දී හතළිස් අවුරුද්දක් මඟ පෙන්වූ සේක. ඔබ ඇඟ ලා ගත් ඇඳුම් පරණ නො වී ය. පය ලා ගත් වහන් පරණ නො වී ය.


ඔබ හැම වෙත එන්නට අප පිටත් වූ දවසේ දී අපේ ආහාර පිණිස ගත් මේ රොටි අපේ ගෙවලින් අප ගත්තේ උණු උණු ව තිබෙද්දී ය; එහෙත්, දැන් ඒවා වියළී, පුස් බැඳී තිබේ.


ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රධානීහු සමිඳාණන් වහන්සේගේ අවවාද නොවිචාරා ඔවුන්ගේ ආහාර කෑවෝ ය.


ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තෝ ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තෝ ය.


අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලාගෙන, පරණ වස්ත්‍ර ඇඳගත්තෝ ය; ඔවුන් කෑමට ගත් රොටි සියල්ල ද වේළී, පුස් බැඳී තිබුණේ ය.