යොෂුවා 8:26 - Sinhala New Revised Version මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය. Sinhala New Revised Version 2018 මන්ද, ජෝෂුවා හෙල්ලය එල්ල කර ආයි නගරයෙහි සියලු වැසියන් මුළුමනින් ම විනාශ කරදමන තුරු, තමාගේ අත පහතට නොදැම්මේ ය. Sinhala Revised Old Version මක්නිසාද යෝෂුවා හෙල්ලය දිගුකළ තමාගේ අත හායිහි සියලු වැසියන් මුළුමනින්ම විනාශකර දමන තුරු පස්සට නොගත්තේය. |
ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය.