සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය.
යොෂුවා 8:19 - Sinhala New Revised Version එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය. Sinhala New Revised Version 2018 එවිට සැඟවී සිටි හමුදාව තමන් සිටි තැනින් වහාම නැඟිට, ජෝෂුවා අත දිගු කළ කෙණෙහි ම දිව අවුත්, නගරයට වැද, එය අල්ලාගෙන ඉක්මනින් එයට ගිනිලෑවෝ ය. Sinhala Revised Old Version එවිට සැඟවී සිටිය සමුදාව තමුන් සිටි තැනින් වහාම නැගිට, ඔහු අත දිගුකළ කෙණෙහිම දිව ඇවිත් නුවරට වැද ඒක අල්ලා, ඉක්මන්කර ගිනිලෑවෝය. |
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “නුඹේ අතේ තිබෙන හෙල්ලය ආයි දෙසට එල්ල කරන්න. මන්ද, මම ඒ නගරය නුඹ අතට පාවා දෙන්නෙමි”යි වදාළ සේක. ජෝෂුවා තමාගේ අතේ තිබුණු හෙල්ලය නගරය දෙසට එල්ල කෙළේ ය.
නුඹ ජෙරිකෝවටත් එහි රජුටත් කළාක් මෙන් ආයි නගරයටත්, එහි රජුටත් කරන්න. එහි වස්තුව හා ගවයන් නුඹලාට කොල්ලයක් වශයෙන් ගන්න. නගරයට එහායින් රහසේ රැක සිටින සේනාවක් සූදානම් කර තබන්නැ”යි වදාළ සේක.
ආයි නගරයේ මිනිසුන් ආපසු හැරී බැලූ කල, නගරයේ දුම අහසට නඟින බව ඔව්හු දුටුවෝ ය. එවිට ඒ අතට වත්, මේ අතට වත් පලා යාමට ඔවුන්ට පුළුවන්කමක් නොතිබුණේ ය. පාළුකරය දෙසට පලා ගිය සෙනඟ තමන් ලුහුබැඳ ආ අය දෙසට හැරුණෝ ය.
එවිට සියලු ඉශ්රායෙල්වරු තමන් සිටි තැනින් නැඟිට ගොස් බාල්-තාමාර්හි පිළිවෙළින් සිට ගත්තෝ ය. සැඟවී බලා සිටි ඉශ්රායෙල්වරු ද තමන්ගේ ස්ථානය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝ ය.
සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය.