යොෂුවා 8:16 - Sinhala New Revised Version ඔවුන් පස්සේ ලුහුබැඳ යන පිණිස ආයි නගරයේ සිටි මුළු සෙනඟ රැස් කරගන්නා ලදහ. ඔව්හු ජෝෂුවා පස්සේ එළවාගෙන ගොස් නගරයෙන් ඈත් වූවෝ ය. Sinhala New Revised Version 2018 ඔවුන් පස්සේ ලුහුබැඳ යන පිණිස ආයි නගරයේ සිටි මුළු සෙනඟ රැස් කරගන්නා ලදහ. ඔව්හු ජෝෂුවා පස්සේ එළවාගෙන ගොස් නගරයෙන් ඈත් වූවෝ ය. Sinhala Revised Old Version එවිට ඔවුන් පස්සේ එළවාගන යන පිණිස හායි නුවර සිටි මුළු සෙනඟ අඬගස්වා ගන්නාලද්දාහ. ඔව්හු යෝෂුවා පස්සේ එළවාගන ගොස් නුවරින් ඈත්වූවෝය. |
ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ යන පිණිස පිටතට නොගිය එක මිනිසෙක් වත් ආයි නගරයේ වත්, බෙතෙල් නගරයේ වත් ඉතිරි ව නොසිටියේ ය. නගරය නොවසා සියල්ල අත්හැර ඔව්හු ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ ය.
ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.
බෙන්ජමින්වරු ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිටතට අවුත්, නුවරින් ඈත් වී, වෙන වතාවල දී මෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත්, ගිබියාවටත් යන මාර්ග දෙකේ දී ඉශ්රායෙල් මිනිසුන් තිස්දෙනෙකු පමණ මැරූ හ.