හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
යොෂුවා 4:11 - Sinhala New Revised Version මුළු සෙනඟ ඉක්මන් ව එතෙර වී නිම වූ කල, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සහ පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය. Sinhala New Revised Version 2018 මුළු සෙනඟ ඉක්මන් ව එතෙර වී නිම වූ කල, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සහ පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය. Sinhala Revised Old Version මුළු සෙනඟ මෙතරවී නිමවූ කල ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය හා පූජකයෝ සෙනඟ ඉදිරියෙහි මෙතර වූවෝය. |
හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි.
ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.
නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න’ කියා අණ කරන්න.”
මෝසෙස් ජෝෂුවාට අණ කළ පරිදි සෙනඟට දැන්වීම සඳහා සමිඳාණන් වහන්සේ ජෝෂුවාට නියම කළ සියලු දේ කියා නිම වන තෙක්, ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද නැවතී සිටියෝ ය. සෙනඟ ඉක්මන් කර එතෙරට ගියෝ ය.
රූබන්ගේ පෙළපත ද ගාද්ගේ පෙළපත ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද සන්නාහ සන්නද්ධ ව, මෝසෙස් ඔවුන්ට කී ප්‍රකාර, ඉශ්රායෙල්වරුන්ට පෙරටුව එතෙර වූ හ.
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරුන් ජොර්දාන් ගඟින් ගොඩට අවුත්, තමන්ගේ පාද ගොඩබිම තැබූ කෙණෙහි ම ගඟේ දිය ආපසු ගලා ඇවිත් පෙර ලෙස ගං ඉවුරු තළා ගලා ගියේ ය.