යොෂුවා 3:6 - Sinhala New Revised Version ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ. Sinhala Revised Old Version යෝෂුවා පූජකයන්ටද කථාකොට: නුඹලා ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව යන්නැයි කීවේය. ඔව්හු ගිවිසුම් පෙට්ටිය රැගෙන සෙනඟට පෙරටුව ගියෝය. |
“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”
මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.
දැන් ඉතින්, ඔබ වහන්සේ ඔවුන් සමූලඝාතනය කරන සේක් නම්, ඔබ වහන්සේගේ කීර්තිය ගැන ඇසූ ජාතීහු කතා කොට,
ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.
සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.
ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ හෙට ඔබ අතරේ පුදුම දේ කරන්නට යන බැවින් පවිත්‍ර වන්නැ”යි කී ය.
සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.
එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.