ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 24:13 - Sinhala New Revised Version

මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.’

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ නුඹලා වැඩ නොකර ලබාගත් දේශයක්ද නුඹලා ගොඩනොනැගූ නුවරවල්ද නුඹලාට දුනිමි, නුඹලා එහි වසන්නහුය; නුඹලා නොවැවූ මිදි වතුවලින්ද ඔලීව වතුවලින්ද නුඹලා එල කන්නහුයයි කීසේක.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 24:13
7 හුවමාරු යොමු  

පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.”


සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.


“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයෙහි උන් වහන්සේ ජනතාව වනසාදැමූ විට, ඔබ ඒවා අයිති කොටගෙන, ඒවායේ නගර සහ ගෙවල පදිංචි වූ පසු,


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි.


හෙල් පිට පිහිටා තිබුණු සියලු නගරවලින්, හාශොර් හැර, අන් එකක් වත් ඉශ්රායෙල්වරු පුළුස්සා නොදැමුවෝ ය. ජෝෂුවා හාශොර් පමණක් පුළුස්සාදැමුවේ ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් වංශයට දුන් යහපත් පොරොන්දු එකක් වත් කඩ නො වී ය; සියල්ල ම ඉෂ්ට වුණේ ය.