ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 22:4 - Sinhala New Revised Version

දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 22:4
16 හුවමාරු යොමු  

“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටිනු නොවේ ද? හැම අතින් ම උන් වහන්සේ ඔබට සාමය දී තිබෙනු නොවේ ද? මන්ද, උන් වහන්සේ දේශයේ වැසියන් මා අතට පාවා දී තිබේ. දේශය සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ සෙනඟට ද යටත් කරන ලද්දේ ය.


උන් වහන්සේ කතා කොට, “මම නුඹ සමඟ ගොස්, නුඹට යෙහෙන් විසීමට ඉඩ දෙන්නෙමි”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනයාගෙන් හැම කෙනෙකු ම තමාට හිමි උරුමය ලබාගන්න තෙක් අපි අපේ ගෙවලට හැරී නොඑන්නෙමු.


මන්ද, ඔබ තව ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දෙන්නට යන උරුමයටත්, වාසස්ථානයටත් නොපැමිණියහු ය.


අපි ඔවුන්ගේ රට අල්ලාගෙන රූබන්ගේ පෙළපතටත්, ගාද්ගේ පෙළපතටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ඒ රට උරුම කොට දුනිමු.


සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ම, ඔබේ සෙසු ජනතාවට ද විවේකය දෙන තෙක්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ජොර්දානෙන් එතෙර ඔබට දුන් දේශය ඔබ භටයන් අයිති කරගන්නා තෙක් ඔබ එලෙස නැවතී සිටිය යුතු ය. ඉන්පසු මා ඔබට දුන් දේශයට සියල්ලන් ම හැරී ආ යුතු ය’යි කීවෙමි.


මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.


දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙන් ඔබේ සහෝදරයන්ට විවේකය දෙන තෙක් ද උන් වහන්සේ ඔවුන්ට දෙන දේශය අයිති කරගන්න තෙක් ද ඔබ එලෙස ඔවුන්ට උපකාර කළ යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් ජොර්දාන් ගඟින් එහා පෙරදිග දිශාවෙහි ඔබ හැමට දුන්, ඔබට අයිති වන දේශයට හැරී අවුත් එය භුක්ති විඳීමට පටන්ගන්නෝ ය”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.


මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය.


මනස්සේගේ සෙසු අර්ධ ගෝත්‍රයටත්, රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ජොර්දානෙන් නැගෙනහිර ප්‍රදේශය උරුම කොට දුන්නේ ය.


ඔබ අද දවස දක්වා මෙපමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවේ බාරය රක්ෂා කළහු ය.