යොෂුවා 22:32 - Sinhala New Revised Version එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය. Sinhala New Revised Version 2018 එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය. Sinhala Revised Old Version එවිට පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස්ද අධිපතීහුද රූබෙන් පුත්‍රයන් හා ගාද් පුත්‍රයන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත හැරී ඇවිත් ඔවුන්ට එපවත් කීවෝය. |
පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය.
ඒ පුවත ගැන ඉශ්රායෙල්වරු සතුටු වූ හ. එබැවින්, රූබන්වරුන් ද ගාද්වරුන් ද වාසය කළ දේශය විනාශ කරන පිණිස ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට යාම ගැන ඉශ්රායෙල් සෙනඟ තවත් කතා නොකොට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.