යොෂුවා 21:25 - Sinhala New Revised Version මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද වන නගර දෙක දුන්නෝ ය. Sinhala New Revised Version 2018 මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ ඒ අවට තණ බිම් ද ගැත්-රිම්මොන් සහ ඒ අවට තණ බිම් ද වන නගර දෙක දුන්නෝ ය. Sinhala Revised Old Version මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් තයනාක් සහ එහි පිට-බිම්ද ගැත්-රිම්මොන් සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකත් දුන්නෝය. |
තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.
කොහාත්ගේ අනික් ගෝත්‍රයන්ගේ පවුල්වලට ලැබුණ සියලු නගර වනාහි ඒ අවට තණ බිම් ද ඇතුළු ව නගර දහසයක් ය.
තයනාක්හි මෙගිද්දෝ ජලය ළඟ රජවරු යුද්ධ කළහ; කානානිය රජවරුන් යුද්ධ කළ නමුත් මුදල් කොල්ලයක් ඔවුන්ට නොලැබුණේ ය.