යොෂුවා 18:6 - Sinhala New Revised Version ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි. Sinhala New Revised Version 2018 ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි. Sinhala Revised Old Version නුඹලා දේශය සත් කොටසකට බෙදා සටහන්කරගන, මෙහි මා ළඟට එන්න. මම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා වෙනුවට මෙහිදී පස ඇට දමන්නෙමි. |
පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.
තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.
තවද මෝසෙස් ඉශ්රායෙල් ජනයාට අණ කරමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර නවයට හා අර්ධ ගෝත්‍රයට දෙන්නට අණ කළ, දාදු දමා ඔබ උරුම කොට ගත යුතු දේශය මෙය වේ.
උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.
ජෝෂුවා ඔවුන් උදෙසා ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහි දී ඉශ්රායෙල් ජනයාගේ කොට්ඨාශවල හැටියට දේශය බෙදා දුන්නේ ය.
මන්ද, ලෙවීවරුන්ට ඔබ අතරෙහි කොටසක් නැත; ඔවුන්ගේ උරුමය වනාහි සමිඳාණන් වහන්සේගේ පූජක තනතුර ය. ගාද්ටත්, රූබන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකාර මෝසෙස් ඔවුන්ට දුන් ඔවුන්ගේ උරුමය නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ ලැබී තිබේ ය”යි කීවේ ය.
ඒ මනුෂ්‍යයෝ පිටත් ව ගියෝ ය. ජෝෂුවා දේශයේ භූමි සටහනක් ගැනීමට පිටත් ව යන අයට අණ කරමින්, “ඔබ ගොස් ඒ දේශයෙහි ඇවිද එහි භූමි සටහන් කරගෙන මා ළඟට හැරී එන්න; මම මෙහි ෂිලෝහි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ උදෙසා පස ඇට දමන්නෙමි”යි කීවේ ය.