මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි.
යොෂුවා 13:20 - Sinhala New Revised Version බෙත්-පෙයොර් ද පිස්ගාහි කඳු බෑවුම් ද බෙත්-ජෙසිමොත් ද Sinhala New Revised Version 2018 බෙත්-පෙයොර් ද පිස්ගාහි කඳු බෑවුම් ද බෙත්-ජෙසිමොත් ද Sinhala Revised Old Version බෙත්-පෙයෝර්ද පිස්ගාහි පාවුලද බෙත්-යෙෂිමොත්ද, |
මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි.
මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින්, ඔවුන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළිණි.
මෙලෙස ඉශ්රායෙල් ජනයා ජොර්දාන් ගං තෙර බෙත්-ජෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ.
කින්නෙරෙත් නම් ස්ථානයේ සිට පෙරදිගින් වූ පිස්ගා නම් කඳු පාමුල පිහිටි මළ මුහුදේ වෙරළ අසබඩ වූ මිටියාවත සහ ජොර්දාන් ගඟ තවත් සීමාවක් විය.
මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා එකල සිටියේ ඔවුන් හශේබොන්හි පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ රජු වන සීහොන්ගේ දේශයේ, බෙත්-පෙයොර් නම් ස්ථානය ඉදිරිපිට වූ මිටියාවතෙහි, ජොර්දාන් ගඟෙන් මෙගොඩ ය.
නැගෙනහිරට කින්නෙරෙත් මුහුද දක්වාත්, බෙත්-ජෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාමුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියෙහි මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහි ද ආණ්ඩු කෙළේ ය.
තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය.