ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 13:12 - Sinhala New Revised Version

තවද, අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් රජකම් කළ බාෂාන්හි ඕග් රජුගේ රාජ්‍යය ද සලෙකා දක්වා ඇතුළත් ය. ඕග් රෙපායිම් යෝධයන්ගෙන් ඉතිරි ව සිටි කෙනෙකි. මෝසෙස් ඔවුන්ට පහර දී ඔවුන් පන්නාදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් රජකම් කළ බාෂාන්හි ඕග් රජුගේ රාජ්‍යය ද සලෙකා දක්වා ඇතුළත් ය. ඕග් රෙපායිම් යෝධයන්ගෙන් ඉතිරි ව සිටි කෙනෙකි. මෝසෙස් ඔවුන්ට පහර දී ඔවුන් පන්නාදැමුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඕග් රජුගේ මුළු රාජ්‍යය වන සලෙකා දක්වා තිබෙන මුළු බාෂාන්ද යන මේවාය. (ඔහු රෙපායිම් යෝධයන්ගෙන් ඉතුරුව සිටිය කෙනෙකි.) මෝසෙස් ඔවුන්ට පහරදී ඔවුන් පන්නා දැමුවේය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 13:12
7 හුවමාරු යොමු  

මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.


රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය.


එසේ වී නමුත්, ඉශ්රායෙල් සෙනඟ ගෙෂුර්වරුන් ද මයකාත්වරුන් ද පන්නා නොදැමුවෝ ය. ගෙෂුර්වරු ද මයකාත්වරු ද අද දක්වා ඉශ්රායෙල්වරුන් අතරෙහි වාසය කරති.


ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය.