ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය.
යෙසායා 8:9 - Sinhala New Revised Version ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න. Sinhala New Revised Version 2018 ජාතීනි, බියෙන් ඇලළී යන්න; පොළොවේ දුර බැහැර ප්‍රදේශවල ජනයෙනි, සවන් දෙන්න; සටනට සැරසෙන්න; එහෙත්, භයපත් වන්න. එසේ ය, සැරසෙන්න. එහෙත්, භයපත් වන්න. Sinhala Revised Old Version ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; |
ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය.
ඒ නිසා සමිඳාණෝ, ඔබට අකුරෙන් අකුර, පේළියෙන් පේළිය, පාඩමෙන් පාඩම, උගන්වන්න යන සේක. එවිට ඔබ ගන්න පියවරෙන් පියවර පැකිළෙන්නහු ය. ඔබ තුවාළ ලබන්නහු ය; මලපතකට අසු වී හිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය.
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
කිසිදාක නුඹට පහර දීමට කිසිවෙකුට මම අනුමැතිය නොදෙන්නෙමි. නුඹට විරුද්ධ ව සටන් කරන අය වැටෙන්නෝ ය.
නුඹලා බියෙන් සිටින බබිලෝනියේ රජුට බිය නොවන්න. නුඹලා ගළවා, ඔහුගේ අතින් මුදන්නට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට බිය නොවන්න.
රථවල අසුන් බැඳගන්න; අසරුවෙනි, යුද හිස් වැසුම් දමාගෙන පෙළ ගැසී සිටින්න; හෙල්ල තියුණු කරගන්න; යුද සැට්ට හැඳගන්න.
“සමිඳාණෝ මෙසේ වදාරන සේක: ‘එම්බා බබිලෝනිය! නුඹ මාගේ කුළුගෙඩිය හා යුද්ධ ආයුධය වන්නෙහි ය. මම නුඹ උපයෝගී කරගෙන ජාතීන් බිඳ හෙළන්නෙමි; රාජ්‍යයන් විනාශ කරන්නෙමි.
නුඹ සූදානම් වී, එසේ ය, නුඹ වෙත රැස් ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ සියල්ල සූදානම් කරගෙන, ඔවුන්ගේ ආරක්ෂකයා වන්න.
බොහෝ දවස් ගත වූ පසු, මතු අවුරුදුවල නුඹ යුද්ධයෙන් දිනාගත් මේ දේශයට විරුද්ධ ව සටන් කරනු ඇත. බොහෝ කාලයක් පාළු ව තිබුණ ඉශ්රායෙල් කඳුවලට ඔවුන් මරණයෙන් බේරී, නොයෙක් දේශවලින් එක්රැස් කරනු ලැබූ බැවින්, එහි වැසියෝ සෙසු සියලු සෙනඟගෙන් ඈත් වී හිරිහැරයක් නැති ව විසුවෝ වෙති.
මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තෝ ය.