එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඩයම් උපකරණ වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස්, මට මුව මස් රැගෙන,
යෙසායා 7:24 - Sinhala New Revised Version ඊගස් හා දුනු ඇති ව මිස එහි යන්නට කිසිවෙකුට ධෛර්යය ඇති නොවේ. මන්ද, දේශය මුළුල්ලේ කටු ගස් ද ගොකටු ද ඇති වන්නේ ය. Sinhala New Revised Version 2018 ඊගස් හා දුනු ඇති ව මිස එහි යන්නට කිසිවෙකුට ධෛර්යය ඇති නොවේ. මන්ද, දේශය මුළුල්ලේ කටු ගස් ද ගොකටු ද ඇති වන්නේ ය. Sinhala Revised Old Version එහි යන තැනැත්තා ඊගස්ද දුනුද ඇතුව යා යුතුය; මක්නිසාද දේශය මුළුල්ලෙහි කටු ගස්ද ගොකටුද ඇතිවන්නේය. |
එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඩයම් උපකරණ වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස්, මට මුව මස් රැගෙන,
කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”
ඔව්හු සියල්ලෝ ම අවුත්, පාළු මිටියාවත්වල ද පර්වත විවරවල ද සියලු කටු ගස්වල ද සෑම තණ බිම්වල ද රැඳෙන්නෝ ය.
“ඒ කාලය පැමිණි විට රිදී මිළ දහසක් වටින මිදි වැල් දහසක් ඇති සෑම මිදි වතුවල කටු ගස් ද ගොකටු ද හටගැනෙනු ඇත.
කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.”
වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ “