ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 51:14 - Sinhala New Revised Version

රටින් පිටුවහල් වී සිටින්නෝ ඉක්මනට මුදනු ලබන්නෝ ය. ඔවුන් පාතාල ලෝකයට වැටෙන්නේ වත්, ඔවුන්ට ආහාර හිඟවන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

රටින් පිටුවහල් වී සිටින්නෝ ඉක්මනට මුදනු ලබන්නෝ ය. ඔවුන් පාතාල ලෝකයට වැටෙන්නේ වත්, ඔවුන්ට ආහාර හිඟවන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

රටින් පිට වහල්වී සිටින්නා ඉක්මනට මුදනු ලබන්නේය; ඔහු වළේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 51:14
12 හුවමාරු යොමු  

ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


සමිඳාණන් වහන්සේ විපත නමැති කෑම ද, පීඩා නමැති වතුර ද ඔබට දෙන නමුත්, ඔබට උගන්වන පිණිස උන් වහන්සේ ම ඔබ සමඟ වැඩ සිටින සේක. උන් වහන්සේ සොයා යාමට ඔබට වුවමනාවක් ඇති නොවේ.


එතුමාණෝ ජාතීන්ට ස්ථාවරතාව දෙන සේක. එතුමාණෝ නිරන්තරයෙන් සිය සෙනඟ ආරක්ෂා කොට ප්‍රඥාවත්, දැනගැන්මත් ඔවුන්ට දෙන සේක. සමිඳුන්ට ගරුබිය දැක්වීම ඔව්හු උසස් වස්තුවක් සේ අගය කරති.


නිදහස ලබා, බබිලෝනියෙන් පිට වී යන්න. බබිලෝනිවරුන් වෙතින් බේරී යන්න. “සමිඳාණෝ සිය සේවක ඉශ්රායෙල් මුදාගත් සේකැ”යි කියමින් ප්‍රීති ඝෝෂා පවත්වා ලොව පුරා පතුරුවන්න.


ඔවුන්ට සාපිපාසා නොවන්නේ ය. ගිනි අව්වෙන් වත්, මරුකතරෙන් වත් ඔවුන්ට පීඩාවක් නොවන්නේ ය. මන්ද, ඔවුන්ට අනුකම්පා කරන තැනැන් වහන්සේ ඔවුන්ට මඟපෙන්වන සේක. දිය උල්පත් අසලින් ඔවුන් කැඳවාගෙන යන සේක.


සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය. කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය. නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.


ජෙරුසලම, ඔබ ධූලි ගසාදමා නැඟිට සිටින්න, වහලියක වූ සියොන් පුරඟන, ඔබේ ගෙල වටා ඇති විලංගු ගලවාදමන්න.


ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන,


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ලෙයින් මුද්‍රා කරන ලද, නුඹ සමඟ කළ, මාගේ ගිවිසුම නිසා මම නුඹේ සෙනඟ වතුර නැති වළෙන් නිදහස් කරන්නෙමි.