මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?
යෙසායා 5:11 - Sinhala New Revised Version මත්පැන් බීමට පාන්දරින් ම නැඟිටින, වෙරිමත්කමින් රෑ වන තුරු පමා වන ඔබට වන විපතක මහත! Sinhala New Revised Version 2018 මත්පැන් බීමට පාන්දරින් ම නැඟිටින, වෙරිමත්කමින් රෑ වන තුරු පමා වන ඔබට වන විපතක මහත! Sinhala Revised Old Version මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ! |
මම දැනට අසූ අවුරුද්දක් වයස් ගත ව සිටිමි. හොඳ නරක දෙක අතර වෙනස මට දැනේ ද? ඔබේ මෙහෙකරු වන මට කන බොන දේවල රස දැනේ ද? ගායක ගායිකාවන්ගේ මිහිරි කට හඬ අසන්නට පුළුවන් ද? එබැවින් රජුගේ මෙහෙකරුවා වන මා, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තවත් බරක් වන්නේ කුමට ද?
ඒ වෙනුවට නුඹලා ප්‍රීති සන්තෝෂ වූවහු ය. කෑම සඳහා ගව බැටළු සතුන් මරා, මිදියුස පානය කළහු ය. “අපි කමු, බොමු. මන්ද, හෙට අපි මැරෙන්නෙමු”යි නුඹලා කීවහු ය.
ඉශ්රායෙල් රාජ්‍යයට වන විපතක මහත! ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේ ය. එහෙත්, ඔව්හු හොඳට ම වෙරි වී වැතිර සිටිති.
ඔව්හු කතා කොට, “එන්න, අපි මිදියුස ලබාගෙන, සුරාපානය උගුරට ම එන තෙක් බී තෘප්තියට පැමිණෙමු. හෙට දවස අදටත් වඩා හොඳ දවසක් වනු ඇතැ”යි කියති.
අසල්වාසීන්ගේ නග්න රූප දෙස බලා නින්දා කරන පිණිස අධික කෝපයෙන් ඔවුන්ට බොන්නට දී වෙරිමත් කරන්නාවූ නුඹලාට වන විපතක මහත!
වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි.
“ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.
අපේ කල්ක්‍රියාව දිවා කාලයට ඔබින සේ විය යුතු යි; අශෝභන උත්සවවලින් ද මධුපානෝත්සවයෙන් ද කාම තෘෂ්ණාවෙන් ද සල්ලාලකමින් ද අඩදබර හා ඊර්ෂ්‍යාවෙන් ද වැළකී සිටිමු.
සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය.
වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
අබිගායිල් නාබල් වෙත පැමිණියා ය. එවිට රාජ මංගල්‍යයක් මෙන් ඔහු තම ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේ ය. නාබල් හොඳට ම මත් වී සිටි බැවින් ඔහු ප්‍රීති ලීලාවෙන් සිටියේ ය. එබැවින් පසු දා එළි වන තුරු ඈ ඔහුට කිසිවක් දැන්නුවේ නැත.